Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ අවසන් තීන්දුව ‌සෙනසුරාදා (05) දින ‌හෝ සදුදා (07) ‌පෙරවරුවේම ලබා දීමට සැලසුම් ‌කොට ඇතිි බව වාර්තා ‌වේ.

ඒ අනුව ‌බොහෝ ‌දෙනා ‌හෙට (04) දිනයේදී ‌මෙම නඩුවේ තීන්දුව ලබා ‌දෙනු ඇති බව උපකල්පනය කර තිබුණද ‌හෙට දිනයේද එහි සාක්ෂි විමසීම පමණක් සිදු කරනු ඇති බව දැනගන්නට ඇත.

සාමාන්‍යයෙන් ‌සෙනසුරාදා දින අධිකරණ දිනයක් ‌නොවුවද ‌මෙය විශේෂ නඩුකටයුත්තක් බැවින් ‌සෙනසුරාදා දිනයේද අධිකරණය රැස්වීමට තීන්දු ‌කොට තිබේ.

ඒ අනුව ‌සෙනසුරාදා දිනයේ ‌හෝ සදුදා දින ‌පෙරවරුවේ ‌මෙහි තීන්දුව ලබා දීමට ‌බොහෝදුරට ඉඩ ඇති බව අධිකරණ ආරංචිමාර්ග සදහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements