Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස එම පක්ෂයේ 2019 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඊයේ (ඔක්තෝබර් 03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේ දී තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බවට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවක් සභාවේ ඒකමතිකව සම්මත වීමෙනි.

යෝජනාව ඉදිරපත් කිරීමට පෙර අගමැතිවරයා විසින් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ගේ මව, හේමා ප්‍රේමදාස, වේදිකාවට ගෙන්වා ගනු ලැබිණ.

ඉන් අනතුරුව රැස්ව සිටි පක්ෂ සාමාජිකයන්ගේ ඔල්වරසන් නාදය මැද ජනාධිපති අපේක්ෂකයා සම්මත කරගැනීම සිදු විය. 

එම යෝජනාවට අමතරව මෙම සම්මේලනයේ දී තවත් යෝජනා පහක් සම්මත කර ගැණින.

එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදි සම්මතවූ යෝජනා හය:

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීම.

බලය බෙදාහැරීම, මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය, අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපතිධූරය ඇතුළු එක්සත් ජාතික පක්ෂ රජය ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙනයාම සහ ඒ සඳහා සියළු පාර්ශවයන්ගේ අදහස් සැළකිල්ලට ගැනීම.

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය තහවුරු කිරීම. 

ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් එක්සත් ජාතික පෙරමුණ රජය දින 52ක් ආණ්ඩු බලයෙන් ඉවත්කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව පිළිකුලින් හෙළා දැකීම. එම කාලය තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නොබියව හා නොපැකිළිව ක්‍රියා කළ කථානායක කරු ජයසූරියට ගෞරවනීය ආචාරය පුද කිරීම. 

බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවීම සඳහා ඉදිරි ජනාධිපතිවරණය යොදා ගැනීම. 

ජනාධිපතිවරණයෙන් වසරක් තුළ සියළු දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම. රාජ්‍ය සේවයේ පළිගැනීමට ලක්වුවන් සහන ලබාදීමේ වැඩසටහන ක්‍රියාවලිය තවත් කඩිනම් කිරීමට විෂය භාර අමාත්‍යවරුන්ට බලය ලබාදීම. 

ඉතිහාසයේ කිසිදිනක සිදුනොවූ ජනතා සේවයක් වෙනුවෙන් සජිත් සඵත වෙයි !

අගමැති රනිල් වික්‍රමසිංහ සමග එක්ව ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදිනක සිදුනොවූ ජනතා සේවයක් සිදුකිරීමට තමන් ජනතාවට පොරොන්දුවන බව සම්මේලනය අමතමින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

"අපේ රජය තුළ කිසිදු පවුල්වාදයකට ඉඩ තියන්නේ නැහැ. දක්ෂයන්ට සහ සුදුස්සන්ටයි ඉඩ. මම ඔබලාට පොරොන්දු වෙනවා දිවි තිබෙන තුරා, ජාති ආගම් කුල මල පන්ති භේදයකින් තොරව ඔබලාත් සමග ඇතිකරගන්නා වූ සමාජ ගිවිසුම, ඒ සංවර්ධන ගිවිසුම දින වකවානු සහිතව මේ රටේ ඔබ සැමට ඒ ශක්තිය ලබාදෙනවා," අමාත්‍යවරයා පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජනාධිපතිවරණ නාමයෝජනාව වෙනුවෙන් සිකුරාදා ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අපේක්ෂකයන් 20 දෙනෙකු මේ වන විට ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත්කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ජාතික රුපවාහිනිය ඔස්සේ සජීවී ලෙසින් විකාශය වෙමින් පවතින අතරවාරයේ තමන්ට ලැබුන පැමිණිල්ලක් මත එය අතරමගදී අත්හිටුවන ලද බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

(බීබීසී )

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements