Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය නවීන සංකල්පයකට සිදු කරයි.ඒ ඔහු නායකත්වය දරනා වියත්මග සංවිධානය විසින් ක්‍රියාත්මක කරනා ශ්‍රී ලංකාවේ ප්‍රථම කාබනික විමෝචනය අවම කිරීමට ක්‍රියාත්මක කරවනා සංකල්පයකි.

මෙහිදී ප්‍රචාරණ රැලි හේතුවෙන් සිදුවෙන කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ශුන්‍ය කිරීමටත්, පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණයක් සිදුකිරීමටත් පියවර ගනු ලැබේ.

එමෙන්ම මැතිවරණ ව්‍යාපාරය අවසානයේ ස්වාධීන ආයතනයක් මගින් කාබන් විමෝචනය ශූන්‍ය වූ බවට සහතිකයක් ලබාගැනීමත් සිදු කෙරේ.

මෙම වැඩසටහනේ දෙවන පියවර ලෙස පෙරේදා (22) කඩුවෙල පැවති රැළියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ පැළ පන්සියයක් සිටුවීමේ ව්‍යාපෘතියක් පවත්වා තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී, පරිසරවේදී මහාචාර්ය සරත් කොටගම මහතා විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මෙහෙයවීය.

මහාචාර්ය ලක්දාස් ප්‍රනාන්දු, මහාචාර්ය හේමන්‍ති රණසිංහ සහ සමන්ත ගුණසේකර යන මහත්ම මහත්මීන්ද මෙම කර්තව්‍යයට මගපෙන්වීම සිදුකර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements