Advertisement

තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බව අමාත්‍ය රාවුෆ් හකීම් පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අමාත්‍ය රාවුෆ් හකීම් සහ සහරාන් හෂීම් එකට සිටින වීඩියෝවක් ඉකුත් දා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර ඒ සම්බන්ධයෙන් රටේ ඇතිවූයේ දැඩි කතාබහක්. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද අදහස් පළ කළා.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements