Advertisement

2010 වසර වන විට ඩොලර් මිලියන 1900ක්ව පැවති විදේශ ණය වාරික මේ වන විට ඩොලර් මිලියන 4500ක් බවට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා විසින් වැඩි පොළියට වාණිජ වෙළෙද පොළෙන් ණය ලබාගෙන ඇති නිසා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ අද (22) කොළඹ පදනම් ආයතනයේදී පැවති ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍යවේදීන්” යන හමුවේදීය.

“මේ වසරේ විදේශ ණය වාරිකය ගෙවන්න ඩොලර් මිලියන 4500ක් සොයාගන්න අපට සිදුවුණා. 2010දී අපි ගෙව්වේ ඩොලර් මිලියන 1900යි. මෙය මෙතරම් වැඩිවෙන්න ප‍්‍රධාන හේතුව, මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි පොළියට වාණිජ වෙළද පොළෙන් ණය ගැනීම. මම අභියෝගාත්මකව මහින්ද රාජපක්‍ෂට කියනවා මේ රජය සමයේ ගත් විදේශ ණය වලින් සියයට හැත්තෑවක් වැයවුයේ මහින්ද රාජපක්ෂ මහතා වාණිජ වෙළද පොළෙන් ගත් ණය ගෙවන්න.
ඔහු එසේ නැහැ කියා සදහන් කරනවා නම් විවෘත වේදිකාවේ මේ ගැන කතා කරන්න මම අභියෝග කරනවා. ඔහු හිටපු මුදල් ඇමති. මම විවෘත වේදිකාවට ඔහුට කතා කරනවා. බරපතල ණය උගුලක තිබියදීත් රාජ්‍ය අංශයේ සෑම ක්ෂත‍්‍රයකම වැටුප් වැඩිකරන්න අප යොමුවුණා. පවුලක පොකට් එකට යන සල්ලි වෙනුවට මේ රටේ පවුල් පනස්පන් ලක්ෂක පොකට් එකට ඒ මුදල් ලැබෙන වැඩපිළිවලක් අපි ඇති කළේ”.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements