Advertisement

ගෝඨාභය රාජපක්ෂයන්ගේ හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය පිළිබඳ බොරු අර්ථකථන සිදු කරමින් රාජ්‍ය නොවන සංවිධාන ඩොලර් කාක්කන් යොදවා ගෙන නඩු දමා හැකිනම් අධිකරණය ද නොමඟ යවමින් එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ කරන්නේ තමන්ගේ ප්‍රතිවාදී බලගතු අපේක්ෂකයා මැතිවරණ සටන් බිමේදී හමුවීම වළක්වා ගැනීමට බවත් එම උත්සාහය කිසිදු ලෙසකින් සාර්ථක වීමට ඉඩ නොතබන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා සපථකර සිටියේය.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙසේ සපථ කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“සජිත් ප්‍රේමදාස නැමති අපේක්ෂකයා එනවාට අපි වඩාත් කැමති වුණේ ‘ජනතාව’ නැමැති සටන් බිමේදී මෙම සටන තීරණය කළ හැකි නිසයි. නමුත් ජනතාව තුළින් මේ සටන ජයග්‍රහණය කරනවා වෙනුවට ව්‍යාජ කරුණු අධිකරණය හමුවේ තබලා අධිකරණයත් යොදාගෙන ඔවුන් බලනවා, තමන්ගේ බලගතු ප්‍රතිවාදියා සටනට එන එක වළක්වා ගන්න. ගෝඨාභය රාජපක්‍ෂයන්ට එරෙහිව පසුගිය කාලය පුරාම විවිධ චෝදනා ඉදිරිපත් කරමින්, නඩු පවරමින්, සිරගත කිරීමට උත්සාහ කරමින් සිටි මේ අයට ජනාධිපතිවරණයට දින නියම වන තෙක් කිසිවක්ම කර ගන්න බැරි වුණත් යළි ‘තුට්ටු දෙකේ’ එවැනි වැඩකට අත ගහලා තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements