Advertisement

2023 වසරේ සිට 2031 වසර දක්වා වන කාල සීමාවට අයත් ජාත්‍යන්තර තරග කාලසටහන (FTP)(Future Tours Program) සම්බන්ධයෙන් මේ වන විට අර්බුදකාරී තත්තවයක් හට ගෙන තිබෙනවා.

විශේෂෙයෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැඩි විරෝධතාවය හමුවේ අදාළ තරග කාලසටහනට අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ඩුබායි හී දී නිමා වූ ICC රැස්වීමේ දී තිරණය කර ඇත්තේ අදාළ කාලසීමාවේ දී සෑම වසරකදී ම ICC තරගාවලියක් සංවිධාන කිරීමටයි.

ICCය නිකුත් කළ නිවේදනය දැක් වු‍ණේ මෙම වසර අටක කාලයේ දී පිරිමි අංශයේ ICC තරගාවලි 8ක්, කාන්තා අංශයේ තරගාවලි 8ක් සහ වයස අවුරුදු 19න් පහළ පිරිමි හා කාන්තා අංශ සදහා තරගාවලි 4 බැගින් ද සංවිධාන කරන බවයි.

කෙසේ වෙතත්, ඇතැම් වාර්තා සදහන් කරන්නේ සෑම වසරකදීම පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් සහ වසර තුනකට වරක් (වසර හතරකට වරක් වෙනුවට) එක්දින ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට ජගත් ක්‍රිකට් කවුන්සලය සූදානම් වන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements