Featured News

Video Gossip

Advertisement

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටින දරුවා මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

දින 04ක් පුරා වයස අවුරුදු 02ක් වූ මෙම දරුවා කුහරයක් තුළ සිරවී සිටියා.

සුජිත් විල්සන් නැමැති මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් විශාල උත්සහයක් ගත්තත් එය දිනෙන් දින අපහසු තත්ත්වයකටයි පත්ව තිබුණේ. 
දරුවා සිරවී සිටින ළිං කුහරය වටා ඇති ඝණ පාෂාණ තට්ටුව හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම මන්දගාමී වුණා. 

ළිදේ විවරය තුලින් දුගදක් පැමිණ ඇති අතර ඒ පිළිබඳ සෝදිසි කළ බලධාරීන් සඳහන් කර ඇත්තේ ඊට අනුව දරුවා මියගොස් යම් කාලයක් ගත වී ඇති බවයි. කුහරය තුළින් දරුවාගේ කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීමද හේතු කොටගෙන මෙහෙයුමේ නිරත බලධාරීන් තීරණය කර ඇත්තේ මුදා ගැනීමේ මෙහෙයුම් නතර කර දැමීමට බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements