සංචාරක දකුණු අපි‍්‍රකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 137කින් ජය ගැනීමට ඉනිදියානු කණ්ඩායම ඊයේ (13 වැනිදා) සමත් විය. එ් අනුව ලෝක කුසලාන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ පැවැති මෙම තරගය ජය ගැනීමත් සමග තවත් ප‍්‍රසාද ලකුණු 40ක් ඉන්දියානු කණ්ඩායම ඉදිරියේ සටහන් විය.
පූනේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වු දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමුවෙන් පිති ප‍්‍රහාරයේ යෙදුණු ඉන්දීය කී‍්‍රඩකයෝ පළමු ඉනිමට කඩුලූ 5ක් පමණක් දැවී ලකුණු 601ක් රැුස් කළේය. එහිදී සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ ඉන්දීය නායක විරාට් කෝලි නොදැවී ලකුණු 254ක් වාර්තා කිරීමට සමත් විය. හයේ පහර 2ක් සහ හතරේ පහර 33ක් එම ඉනිමට ඇතුළත් වෙද්දී පන්දු 336කට මුහුණ දී තිබිණි. මයාන්ක් අග‍්‍රාවල් ලකුණු 108ක් සහ රවීන්ද්‍ර ජඬේජා ලකුණු 91 රැස් කළේය.
දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 275කට සීමා විය. එ් අනුව පිට පිටම දෙවැනි
වරටත් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අපි‍්‍රකාවට ලැබුණු අතර ඉන්දියානු පළමු ඉනිමට වඩා ලකුණු 326ක් පිටුපසින් ඇරැුඹි දකුණු අපි‍්‍රකානු දෙවැනි ඉනිම ලකුණු 189කට නතර කර දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. තරගයේ වීරයා සම්මානය විරාට් කෝලි විසින් හිමි කර ගැනීමට සමත් විය.
ලකුණු සටහන.
ඉන්දීය පළමු ඉනිම කඩුලූ 5කට ලකුණු 601යි
දකුණු අපි‍්‍රකානු පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 275යි.
දකුණු අපි‍්‍රකානු දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 189යි.

