Advertisement

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත සහයෝගය ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. වියලේන්ද්‍රන් තීරණය කර තිබෙනවා.

මීට නොබෝ වේලාවකට පෙර මඩකලපුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සිය තීරණය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් 26 වැනිදා සිදුවූ දේශපාලන පෙරළිියේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සහය පළ කිරීමට ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. වියලේන්ද්‍රන් එක්වුණා. 

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කුමන අපේක්ෂකයෙකුට සහය දක්වන්නේදැයි මෙතෙක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කර නැහැ.

මේ අතරතුර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අද (14) දිනයේ ද රැස්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements