Featured News

Video Gossip

Advertisement

අබු බකර් අල්-බග්ඩාඩිගේ මරණයෙන් හිස්වූ IS සංවිධානයට නව නායකයෙකු පත්කර ඇතැයි වාර්තා පළවනවා. මෙලෙස නව නායකයා ලෙස පත්කර ඇත්තේ අබ්දුල්ලා කාඩෂ් නමැත්තෙක්. ඔහු IS සංවිධානයේ මුස්ලිම් කටයුතු භාරව කටයුතු කළා.

ඒ, හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි මගපෙන්වීම යටතේයි. IS සංවිධානය විසින් සිදුකළ එදිනෙදා මෙහෙයුම් සැලසුම් කළ අබ්දුල්ලා කාඩෂ් ''The Professor'' ලෙසයි එම සංවිධානය තුළ ප‍්‍රකටව සිට ඇත්තේ. 
ඉරාකයේ උපත ලබා ඇති අබ්දුල්ලා කාඩෂ් එරට හිටපු නායක සදාම් හුසේන් විසින් අණදුන් ඉරාක හමුදාවට අනියුක්තව සේවය කර තිබෙනවා.

අමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කළ පසු අමෙරිකාවේ අත්අඩංගුවට පත්වූ අබ්දුල්ලා කාඩෂ්, සිරගත කර සිට ඇත්තේ IS සංවිධානයේ හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි සමගයි. 

අබ්දුල්ලා කාඩෂ් සහ අබු බකර් අල්-බග්ඩාඩි සමීපතමයින් බවට පත්ව ඇත්තේ එම සිරකඳවුරේදී බවයි පැවසෙන්නේ. IS සංවිධානයට එක්වීමට පෙර අබ්දුල්ලා කාඩෂ් අල්කයිඩා සංවිධානය සමග ද කටයුතු කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements