Featured News

Video Gossip

Advertisement

දෛවයට අභියෝග කරමින් වෛද්‍ය සමිතා සමන්මලී ජාත්‍යන්තර කී‍්‍රඩා ඉසව්වකින් ශ‍්‍රී ලංකාවට අභිමානයක් රැගෙනවිත් තිබෙනවා. ඒ, ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියේදීයි.

එහිදී කේවළ කාන්තා ඔරු පැදීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට වෛද්‍ය සමිතා සමන්මලීට හැකිවී තිබෙනවා. 
මීට වසර 11කට පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ප‍්‍රදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරකින් පසු ඇය ආබාධිත තත්ත්වයට පත්වූ අතර මෙම සිද්ධිය රටේ දැඩි ආන්දෝලනයක් ඇතිවුණා.

ඒ වනවිට සමිතා සමන්මලී වෛද්‍ය ශිෂ්‍යාවක්. මේ වනවිට වෛද්‍යවරියක් වන ඇය මෙම දස්කම දැක්වූයේ දකුණු කොරියාවේ දැන් පැවැත්වෙන තරගාවලියේදීයි. 

මේ අතර මෙම තරගාවලියේදී පිරිමි ඔරු පැදීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට එම්. පී. ජයකොඩි සමත්වුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements