Featured News

Video Gossip

Advertisement

කටුවන වල්ගම්මුල්ල පුවක්ගස් ආර ප්‍රදේශයේදී 13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී අභිරහස් ලෙස මිය යාමේ පුවතක් අප ඊයේ වාර්තා කළා. සිය නිවසේ මව සහ පියා නොසිටි මොහොතක එම දරුවා නිවසේ ජනේලයක එල්ලී සිය දිවි හානි කරගන්නට ඇති බවටයි මුලින් සැක පළවී තිබුණේ.

කෙසේ වෙතත් එම දරුවාගේ මරණය සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණයේදී එය සියදිවි හානිකර ගැනීමක් නොවන බවත්, සැකකටයුතු මරණයක් බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ඊයේ (20) දිනයේදී වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වල්ගම්මුල්ල මහා විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලැබූ නදුන් නෙත්සර ඩයස් ගුණවර්ධන නමැති පාසල් සිසුවෙකු වන අතර 19 වන දින පෙරවරු 8.30 ට පමණ මෙම මරණය සිදුව තිබුණා.

මෙම සිදුවීම සිදුව ඇති මොහොතේ මියගිය පාසල් සිසුවා ගේ පියා සිය ව්‍යාපාරය සඳහා පිටත්ව ගොස් ඇති බවත් මව සහල් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ පිහිටි වෙළඳසැලට ගොස් සිටි බවත් මියගිය සිසුවා නිවසේ තනිව සිට ඇති බවටත් තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements