Advertisement

ලබන වසරේ පළමු මාස 4 සඳහා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතුරු සම්මත ගිණුම මගින් ජනාධිපතිවරයා වෙත වෙන්කර ඇති මුදල පිළිබද ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පළ කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බිමල් රත්නායක පෙන්වා දුන්නේ කුමන පුද්ගලයෙකු ඉදිරියේදී එම ධුරයට පත් වුවද ඔහු සඳහා එම අතුරු සම්මත ගිණුම මගින් දිනකට රුපියල් කෝටි 2 ක මුදලක් වෙන් කර ඇති බවයි.


වත්මන් ජනාධිපතිවරයා සඳහා නිල නිවාස සහ වාහන ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණ සම්බන්ධයෙන්ද එහිදී විවේචන එල්ල වුණා.

මෙම චෝදනාවලට මුදල් අමාත්‍ය මංගල සමරවීර පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේ "ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සින්නක්කරව ඒ ගෙදර ලබා දුන්නැයි කියන චෝදනාව ඉතාමත්ම අසාධාරණයි. එතුමා එහෙම දෙයක් ඉල්ලුවෙත් නෑ...අපි දීලත් නෑ." යන්නයි. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements