Advertisement

කෝප් කමිටුවේ විමර්ශන සිදුකරන අවස්ථාවලදී ඊට නිරීක්ෂණ මට්ටමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට සහභාගීවීමට අවස්ථාව සලසා දෙන ලෙස කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට දැනුම් දුන්නේය.

එහිදී පාර්ලිමේන්තුවේ අවධානය මීට යොමු කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කර සිටියේ කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීමත් සමග එහිදී හෙළිදරව්වන වංචා හා දූෂණ සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව විමසන බැවිනුත් කෝප් කමිටුවේ නිර්දේශ ඒ ඒ ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට පමාවීමත් හේතුවෙන් සෘජුවම නීතිපති දෙපාර්තමේන්තුවට අධිකරණමය කටයුතු සිදු කිරීමට සහයෝගයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට කෝප් කමිටුවට නිරීක්ෂණ මට්ටමින් කැඳවා ඔවුන්ම අදාළ කරුනුවලට සවන්දී ඊට එරෙහිව ගත හැකි නීතිමය කිරීයාමාර්ග ගැනීමට අවස්ථාව සලසාදීමක් ලෙස මෙම අවස්ථාව ලබාදිය යුතු බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements