Advertisement

මැතිවරණ නීිති උල්ලංඝණය කරමින් රැකියා, ඉඩම් සහ නොයෙක් ද්‍රව්‍ය බෙදා දෙමින් ජනතාව රවටා බලය රැක ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහය ඇල්පිටිය ජනතාව දුරදක්නා නුවණින් පරාජය කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රටේ ඇතිවී තිබෙන ආර්ථික පසුබෑමට දේශපාලන හේතු ප්‍රමුඛ වූ අතර ඇල්පිටිය ජනතාව ඊට ද සාර්ථක පිළිතුරක් ලබාදී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ. මෙම දුර්දාන්ත යුගය අවසන් කිරීමට දැන් කාලය එළඹ ඇති බවත්, එහි පළමු වෙඩි මුරය ඇල්පිටියෙන් පත්තු වූ බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ ඇල්පිටියෙන් ලියවුණේ ගෝඨාභය රාජපක්ෂගේ විජයග්‍රහණයේ පෙරවදන බවයි. එහිදී මන්ත්‍රී ධූර 07 කින් සෑහීමට පත් වීමට සිදුවූ එජාපයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අන්ත පරාජයක පෙරවදන ද ඉතා පැහැදිලි ලෙස ලියැවී ඇති බවයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements