Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2017 වසරේ මැයි දින රැළිය පැවැත්වූයේ කොළඹ ගාලුමුවදොර ක්‍රීඩාංගනයේදීය. ඒ සඳහා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක් සහභාගි විය. පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ එය මෙරට ඉතිහාසයේ පැවති දැවැන්තම දේශපාලන රැළිය බවයි.

එම සාර්ථක දේශපාලන රැළිය පිටුපස සිටියේ බැසිල් රාජපක්ෂ මහතාය. ඒ බව හොඳින්ම පෙනුනේ ඉන්පසු බැසිල් නොමැතිව නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පොදුජන පෙරමුණ සංවිධානය කළ කොළඹ වැටලීමේ මෙහෙයුම සම්පූර්ණ අසාර්ථක වීම හේතුවෙනි.

කෙසේ වෙතත් බැසිල්ගේ එම වාර්තාව කුඩුපට්ටම් කර දැමීමට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සමත් වී ඇති බවයි පෙනී යන්නේ. ඒ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ප්‍රචාරක රැළිය සඳහා අද දිනයේදී එදා පොදුජන පෙරමුණු මැයිදින රැළියට පැමිණි ප්‍රමාණයට වඩා පිරිසක් සහභාගි වී සිටීම හේතුවෙනි.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැළිය ඇමතූ එජාප නායකයන් ප්‍රකාශ කළේ මේ සඳහා ලක්ෂ දෙකකට අධික පාක්ෂිකයන් පිරිසක් සහභාගි වී සිටින බවයි. අද දහවල් සිට ගාලු මුවදොව පිටිය අවට මාර්ග සියල්ලේම දැඩි වාහන තදබදයක් පැවති අතර සවස 06 වනවිටත් එජාප පාක්ෂිකයන් ගාලු මුවදො පිටිය වෙත ඇදෙනු දක්නට ලැබිණි.

මෙම රැලියට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලුම එජාප නායකයන් සහභාගී වී සිටීම විශේෂ සිදුවීමක් විය.

සජිත් ‌ප්‍රේමදාස මහතා තම ආණ්ඩුවක් යටතේ ‌ෆොන්සේකා මහතාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධූරය ලබා ‌දෙන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම තමන් අතින් කියවුණු ‘ශ්‍රී මුඛ’ කතාවට ප්‍රසිද්ධියේම මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටින බවද ‌‌ප්‍රේමදාස මහතා සදහන් කර සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements