Advertisement

පොහොට්ටුවේ ලකුණ කිසි ලෙසකින් හෝ වෙනස් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අද (06) පිළිතුරු ලබාදෙමින්.


දැන් එක පාරක් ඇප බැදලා තියෙද්දී ආයේ ඒ ලකුණ වෙනස් කරන්න විදිහක් නැහැ. මොකද එහෙම උනොත් ඒක උසාවි යන්න වෙන වැඩක්. මේ ආණ්ඩුව හදන්නෙම අපිව උසාවි අරන් යන්න. පොහොට්ටුව කියන්නේ වාසනාවන්ත ලකුණක්. ඒ වගේමයි අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාත් අපිට සහය දක්වයි කියලා, විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මේ අතර ඊයේ (05)  පැවති උත්සවයකදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සියයට 65 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන විශිෂ්ට ජයක් අත්කර ගන්නා බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements