Advertisement


නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ සඳහා ඇප තැන්පත් භාර ගැනීම අද (06) දහවල් 12.00ට අවසන් වුනා. මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කලේ මෙවර ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයින් 41 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි. මෙතෙක් ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඇප තැන්පත් කරනු ලැබූ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙය වනවා.


අද දිනයේදී ද අපේක්ෂකයින් 08 දෙනෙක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. 

එලෙස ඇප මුදල් තැන්පත් කරනු ලැබුවන් අතර එල්.ඒ.එම්. හිස්බුල්ලා, එම්.කේ. සිවාජිලිංගම්, තිස්ස කුට්ටිආරච්චි, නාමල් රාජපක්ෂ, ප්‍රියත් මුතිගන් එදිරිසිංහ යන අපේක්ෂකයින් ද ඇතුලත් බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කලේ.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා හෙට පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා නාමයෝජනා භාර ගැනීමය නියමිතයි. 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements