Featured News

Video Gossip

Advertisement

ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ එක්දින ක්‍රිකට් දිවියද අවසන් අදියරට පැමිණ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ටෙස්ට් පිටියෙන්ද විශ්‍රාම ගෙන සිටින දෝනිව ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට එක් කර නොගැනීමට ඉන්දීය ක්‍රිකට් තේරීම්කමිටුව කටයුතු කර තිබේ.
මේ වන විට 28 වැනි වියේ පසුවන දෝනි අවසන්වරට ඉන්දීය කණ්ඩායම නියෝජනය කර ඇත්තේ ජුලි මාසයේදී එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයටය.

මේ පිළිබඳව අදහස් දක්වන ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී එම්.එස්.කේ ප්‍රසාද් පැවසුවේ දෝනිගෙන් අනතුරුව ඉන්දියාවේ අවධානය යොමුව ඇති අනෙක් කඩුලු රකින්නා වන රිෂාබ් පාන්ට් කෙරෙහි ‘පමණක්’ අවධානය යොමු කර ඇති බවයි.

“අපි ඉදිරියට යමින් තරුණයන්ට අවස්ථා ලබා දෙනවා,” ප්‍රසාද් පැවසීය.

හිටපු නායක දෝනි ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 90 ක්, එක්දින තරග 350 ක් සහ විස්සයි විස්ස 98 ක් ක්‍රීඩා කර තිබේ.

ඔහු 2007 සිට 2017 දක්වා කාලය තුළ සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ නායකත්වය දැරූ අතර 2007 ලෝක විස්සයි විස්ස, 2011 ඉන්දියාවේ පැවති ඕවර 50 ලෝක කුසලාන හා 2013 චැම්පියන්ස් කුසලාන තරගාවලිවල ශූරතාවන් ඉන්දියාව වෙනුවෙන් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිය කණ්ඩායම මෙහෙයවීය.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව තුළ එක්දින, ටෙස්ට් හා විස්සයි20 තරගවලදී සාර්ථකම නායකයා ලෙස මහේන්ද්‍ර සිං දෝනි පිළිගැනෙයි.

එක්දින ක්‍රිකට් පිටියේදී ශතක 10ක් සමගින් ලකුණු 10,773 ක් රැස් කළ ඇති දෝනි මෑත කාලීනව සිය රිද්මය ලබා ගැනීම වෙනුවෙන් අරගලයක නිරතව සිටියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements