මේ ලෝකේ ජීවත් වන හැමෝම ආසයි කතා කරන්න සතුටින් ඉන්න.නමුත් දෛවයේ සරදමක් විදියට ඒ වගේ සතුටින් ජීවිතය ගෙවන්න ඇතැම් අයට හැකිව ලැබෙන්නේ නැහැ. ඒ වගේ උපන්දා සිටම ශ්‍රවණාබාධිවද කතා කිරීමටද නොහැකි පුංචි මල් කැකුළක් පිළිබඳ සංවේදී පුවතක් අප වෙත වාර්තා වුණා.
අවුරුදු දෙකහමාරක් පමණ වයසැති පී. ඒ. මල්ෂා නෙතුමි නැමති මේ මල් පුංචි දියණියට උපන්දා සිට කන් නොඇසීමේ තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ නිසාම මේ පුංචි දැරියට කතා කිරීමටද හැකියාවක් නැහැ.පුංචි මල්ෂා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් යටතේ වසර ගණනාවක් පරීක්ෂණයට යොමු කර තිබෙනවා.
නමුත් වෛද්‍යවරුන් පවසා ඇත්තේ මල්ෂා දැරියට කර්ණසංඛ බද්ධයක් සිදු කිරීමෙන් ඇයට කතා කිරීමට ශ්රවණය වීමට හැකියාව ලබා දිය හැකි බවයි.මේ සඳහා සඳහා රුපියල් ලක්ෂ 23 ක මුදලක් වැයවෙන බවයි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබෙනවා.
මල්ෂාගේ නැවත ශ්‍රවණය වීමේ තත්වය නැවත ඇති කිරීම සඳහා කර්ණසංඛය සිදු කිරීමට අවශ්‍ය මුදල් සොයා ගන්නේ මල්ෂාගේ මව සහ පියා ප්‍රදේශයේ තැන් තැන් වල ඇවිදිමින් බුදු පින්තූර අලෙවි කරමින්ය.සැත්කම සඳහා ජනාධිපති අරමුදලෙන් ලැබුණු මුදලත් බුදු පින්තූර විකුණා ලැබුණු මුදලෙනුත් මේ වන විට රුපියල් ලක්ෂ 12 ක් එකතු වී ඇති බවයි මල්ෂාගේ පියා පැවසුවේ.තවත් මාසයක් ඇතුළත ඉතිරි ලක්ෂ 11 ක මුදල සොයා ගැනීමට මොවුන්ට සිදුව තිබෙනවා. තම පුංචි දියණියට කර්ණසංඛ බද්ධය සිදු කිරීම සඳහා එම උපකරණ මිලදී ගැනීමට මහජනතාවගෙන් සහයෝගයක් ලබාදෙන ලෙස මල්ෂාගේ පියා කාරුණිකව ඉල්ලා සිටිනවා.
මල්ෂා පුංචි දියණියට සහයෝගයක් ලබාදීමට හැකි අයෙක් වෙතොත් පහත ලිපිනයට සහ දුරකථන අංකයට දැනුම් දෙන්න.
132 /2 ජනක මිනිපුර, පන්නම්පිටිය, ලේනදොර,
දුරකථන අංකය 077 195 72 95
අවුරුදු දෙකහමාරක් පමණ වයසැති පී.ඒ. මල්ෂා නෙතුමි පෙරමුණ දියණිය උපන් දා සිට කන් නො ඇසීමේ තත්ත්වයකට පත්ව සිටින්නීය. මේ නිසාම ඇයට කතා කිරීමටද හැකියාවක් නොමැත.
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂ රෝහලේ මෙම දැරිය විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂණයට භාජනය කරන්නට මල්ෂාගේ දෙමව්පියෝ වසර ගණනාවක සිට කි‍්‍රයා කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ මල්ෂා නෙතුමි දැරියට කර්ණ සංඛ බද්ධයක් සිදු කිරීමෙන් ඇයට කතා කිරීමට ශ්රවණය වීමට ඉඩ හසර ලබා දිය හැකි බවය.
asd
මල්ෂාගේ පියා පි‍්‍රයන්ත උපුල් කුමාර සහ මව සාගරිකා වික‍්‍රමසිංහ යන දෙදෙනා තවත් දරුවන් දෙදෙනකුද සමග ජීවන අරගලයට මුහුණ දෙන අතරතුර දී සිය එකම දියණියට කතා කිරීමට ශ්රවණය වීමට කර්ණ සංඛය සිදුකිරීම සඳහා උපකරණය මිලදී ගැනීමට දැඩි වෙහෙසක් දරමින් සිටිති.
මෙම ශ‍්‍රවණාබාධිත දරුවාට ශ‍්‍රවණය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ විසි තුනක මුදලක් වැයවෙන බව පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කොට තිබේ.
මේ වනවිට මල්ෂාගේ පියා මව එකතුවී ජනාධිපති අරමුදලෙන් ද සහයෝගය ඇතිව ප‍්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මෙන්ම ප‍්‍රදේශය පුරා ඇවිදිමින් බුදු පින්තුර අලෙවි කරමින් රුපියල් ලක්ෂ 11ක පමණ මුදලක් උපයාගෙන තිබේ. තවත් මාසයක් ඇතුළත ඉතිරි මුදල සොයා ගැනීමට මොවුන්ට සිදුව තිබේ. තම පුංචි දියණියට කර්ණශංක බද්ධය සිදු කිරීම සඳහා එම උපකරණ මිලදීගැනීමට කාගේ හෝ සහයෝගයක් ලබාදෙන ලෙස මල්ෂාගේ පියා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි. මෙම අයට සහයෝගයක් ලබාදීමට හැකි අයෙක් වෙතොත් ඔවුන්ගේ ලිපිනය වන්නේ 132 /2 ජනක මිනිපුර, පන්නම්පිටිය, ලේනදොර, එමෙන්ම කොමර්ෂල් බැංකුව පේරාදෙණිය ශාඛාවේ මල්ෂා නමින් අරුණළු බැංකු ගිණුමක්ද වෛද්‍යවරුන් විසින් ඇයට ලබාදී තිබේ. එහි ගිණුම් අංකය වන්නේ මල්ෂා නෙතුමි පෙරමුණ, දුරකථන අංකය 077 195 72 95
සමිලා කරුණාරත්න

