Advertisement

එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දු 100 යේ ක්‍රිකට් තරගාවලිය සඳහා ඉහළම ලන්සුවක් හිමිවූ ක්‍රීඩකයින් අතරට ලසිත් මාලිංග ද එක්ව සිටිනවා. එම ක්‍රීඩක වෙන්දේසියේදී ලසිත් මාලිංගට නියම වු මුදල ස්ටර්ලින් පවුම් එක්ලක්ෂ 25,000 ක්. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 280 කට ආසන්න වනවා. එම වටිනාකම හිමිවූ සෙසු ක්‍රීඩකයින් වන්නේ ක්‍රිස් ගේල්, කගීසෝ රබාඩා, ස්ටිවන් ස්මිත්, මිචෙල් ස්ටක් සහ ඬේව්ඞ් වෝර්නයි. 
ලසිත් මාලිංගට අමතරව තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 16 දෙනෙකුට මෙම වෙන්දේසියේදී මිල නියම වී තිබෙනවා. ඒ අනුව දිමුත් කරුණාරත්නට සහ කුසල් ජනිත් පෙරේරාට ස්ටර්ලින් පවුම් 75,000 ක් බැගින් ලන්සුවක් හිමිව ඇති බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ.

ඇන්ජලෝ මැතිව්ස්, ඉසුරු උදාන, ධනංජය ද සිල්වා සහ ලහිරු තිරිමාන්නට ස්ටර්ලින් පවුම් 50,000 බැගින් වූ ලන්සුවක් ඉදිරිපත් වී තිබෙනවා. නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ලක්ෂාන් සඳකැන් සහ දසුන් ශානකට මෙහිදී ස්ටර්ලින් පවුම් 40,000 බැගින් වූ ලන්සුවක් ඉදිරිපත් ව තිබෙනවා. පන්දු 100 යේ ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජූලි මස 17 වනදා ආරම්භවීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements