තමා සමග මුහුණට මුහුණ ගැටෙන සජිවී රූපවාහිනී සංවාදයකට එන්නැයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් කළ අභියෝගය හමුවේ 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ පලායාම විමතියට කාරණයක් නොවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.
'ට්විටර්' පණිවිඩයක් නිකුත්කරමින් ඔහු එබව සටහන් කර තිබේ. එහි මෙසේ සඳහන් වේ.
''ප්‍රභාකරන් එදා 'සියලු යුද්ධයන්ගේ මව' ලෙස සලකු අලිමංකඩ මෙහෙයුම පටන්ගෙන සතියක් තුල රටින් පලාගිය ගෝඨාබය, විවාද මඟහැරීම පුදුමයක් නොවන්නේ එදත් අදත් ඔහු බියගුල්ලක් ලෙස පලා යන බැවිනි.''
සජිත්ගේ අභියෝගය :
තමා සමග සජීවී විවාදයකට එන්නැයි සජිත් ප්‍රේමදාස ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත්කර තිබු අතර එහි මෙසේ සඳහන් විය.
''අපගේ ප්‍රතිපත්ති සහ ඉදිරි දැක්ම ගැන සංවාද කිරීමට ගෝඨාභය රාජපක්ෂ හට මා සමග මුහුණට මුහුණ ගැටෙන සජිවී රූපවාහිනී සංවාදයකට අභියෝග කරමි. ශක්තිමත් අපේක්ශකයෙකු නම් විරුද්ධ පාර්ශවය සමග එක වේදිකාවක අදහස් හුවමාරු කරගැනීමට කිසිදු බියක් නොදැක්විය යුතුය.''
ඒ සම්බන්ධයෙන් ගෝඨාබය රාජපක්ෂ වෙතින් මේදක්වා ප්‍රතිචාරයක් පලනොවිම නිසා සජිත් ප්‍රේමදාස අද (24) දිනයේ තවත් ට්විටර් පණිවිඩයක් නිකුත්කර තුබූ අතර එහි මෙසේ සඳහන්විය.




