Advertisement

ඉලෙක්ට්‍රොනික කෘතිම අතක් නිපදවූ පද්මනාදන් දුෂ්‍යන්තන් සිසුවාට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් විසින් ඊයේ (02) උපහාර උත්සවයක් සංවිධානය කොට තිබුණා.

යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී මහජනතාව ඉදිරියේ උපහාර දැක්වූ ආණ්ඩුකාරවරයා එම ශිෂ්‍යාගේ ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා මුදලින් රුපියල් ලක්ෂ දෙකක්ද පරිත්‍යාග කොට තිබෙනවා.

පර්යේෂණ කටයුතු සහ කෘතිම අත් නිපදවීම පිළිබඳව ඉන්දියාවට ගොස් වැඩිදුර අධ්‍යාපනයක් හැදෑරීම සඳහා මාසයක ශිෂ්‍යත්වයක් ලබා දීමටද ආණ්ඩුකාරවරයා එකඟ වී ඇති බවයි වාර්තා වුණේ.

ආණ්ඩුකාරවරයා මෙම සිසුවාගෙන්, පළාතේ අත් අහිමි වූ ජනතාවට ලබා දීම සඳහා කෘතිම අත් 25ක් නිපදවන ලෙස ඉල්ලීමක්ද කොට තිබෙනවා.

මුලතිව් මල්ලාවී ගම්මානයේ පචිංදි ඔහු මොරටුව සරසවියේ සිසුවෙකු වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements