Advertisement

කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පවරාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මෑතකදී ගත් තීරණය ගැටළු සහගත බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය පවසනවා. 

එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපතිවරයා තවමත් සිය ධුරයේ රැදී සිිටිමින්ද, කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වශයෙන්ද කටයුතු කරමින් සිටින කාලසීමාව තුළ මෙවැනි තීරණයක් ගැනීමෙන් බැඳියාවන් අතර ගට්ටනය පිළිබද විශාල ගැටළු පැන නගින බවයි.
1986 ජනාධිපතිවරයාගේ හිමිකම් පනත යටතේ විධායක බලය අත්තනෝමතිකව කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් 2007 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් මගින් මෙය අවධාරණය කර ඇති බවද එම ආයතනය පෙන්වා දෙනවා.

කැබිනට් මණ්ඩලය අදාළ තීරණය ගනු ලැබුවේ මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර ඇති කාලසීමාවකයි. ජනාධිපතිවරයා අපක්‍ෂපාතීව සිටින බවට ප‍්‍රකාශයක් නිකුත් කර ඇති අවස්ථාවකවීම යන කරුණු හේතුවෙන්ද එය ගැටළුකාරී තීරණයක් බවයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements