Featured News

Video Gossip

Advertisement

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නොවැම්බර් මස පළමු සති දෙක තුළදී ජනාධිපතිවරයා මෙම ප‍්‍රකාශය සිදු කරනු ඇති බවයි.

ජපානයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (27) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියා. 
මේ අතර මෙම නිල සංචාරයට පෙර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ පාර්ශ්වයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා මුණගැසී ඇති බවට ද වාර්තා පළ වනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් දා ප‍්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ස්වාධීනව කටයුතු කරන බවයි. ඒ අනුව නිදහස් පක්ෂයේ සභාපතිධූරය ජනාධිපතිවරණය අවසන් වන තුරු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත පිරිනැමීම ද සිදුවුණා. 

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සංවිධායකවරුන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දක්වමින් ඇති බවට ද වාර්තා පළ වනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදක්වන අවස්ථාවේදී එම සභාව ඇමතීමට ද නියමිත බවයි වැඩිදුරටත් වාර්තා පළ වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements