Featured News

Video Gossip

Advertisement

ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් පෞද්ගලික පරිහරණයට රුපියල් කෝටි 800ක මුදලක් වෙන් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා නගන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය හා පදනම් විරහිත බැවින් එය තරයේ ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගිය 25 වැනිදා ප‍්‍රවෘත්ති සාකච්ජාවකදි මන්ත‍්‍රීවරයා පැවසූ බවට මාධ්‍ය වාර්තා පළවූයේ පාර්ලිමේන්තුවේ අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිවරයා වෙනුවෙන් තවත් රුපියල් කෝටි 240ක් ද වෙන් කර ඇති බවයි.
ධුරය දැරූ හෝ දරන කිසිඳු ජනාධිපතිවරයෙකුට පෞද්ගලික පරිහරණය සඳහා මුදල් වෙන් නොවන බවත් එම මුදල් වෙන්වන්නේ තම කාර්යාලයට බවත් ජනාධිපති කාර්යාලය අවධාරණය කරයි.

වත්මන් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන් අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කෙරුණේ දැනට ක‍්‍රියාත්මක වන ජනාධිපති කාර්යසාධන බළකායන් සහ අනෙකුත් සංවර්ධන වැඩසටහන් වෙනුවෙනි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික පරිභෝජනයට කිසිඳු ලෙසකින් මුදල් වෙන් කර නොමැති බවත් මෙවැනි ද්වේශසහගත චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements