Advertisement

ඉදිරි උත්සව සමය වෙනුවෙන් ආනයනික වියළි මිරිස් කිලෝවක් සහ මාළු කිලෝවක් සඳහා අයකෙරෙන බද්ද අඩු කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත.

ඒ අනුව ආනයනික වියලි මිරිස් කිලෝවක් සඳහා අයකෙරෙන බද්ද රුපියල් 25 සිට 5 දක්වා රුපියල් 20කින් ද, ආනයනික මාළු කිලෝවක් සඳහා අයකෙරෙන බද්ද රුපියල් 100 සිට 25 දක්වා රුපියල් 75කින් ද අඩුකිරීමට තීරණය කර තිබේ.
එසේම කුකුළු මස් සහ බිත්තර මිල පාලනය කිරීම වෙනුවෙන් ඒවා ආනයනය කිරීමට ද අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම රජයේ ගබඩාවන්හි පවතින වී තොග මෙට්‍රික්ටොන් 48,000ක ප්‍රමාණය සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් හිමියන් මඟින් ඉතාඉක්මනින් සහල් කොට සතොස හරහා නාඩු කිලෝවක් රුපියල් 80ක් ද, සම්බා කිලෝවක් රුපියල් 85ක මිලට ද අලෙවි කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements