Advertisement

අද ගෝඨලා මහින්දලා මේ සටනට අවතීර්ණ වෙලා තියෙන්නේ මේක ජිවිතයයි මරණයි අතර සටනක් බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඊයේ ගාලු මුවදොර පැවති ජනරැළි මාලාවට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

මොකද 17 පැරදුණොත් නඩු වලින් ඔවුන් යන්නේ රජගෙදර නොවෙයි හිරගෙදර. ජිවිතය පරදුවට තියලා මේ ගේම් ඒක එයාලා ගහන්නේ. දැන් සරත් ෆොන්සේකා ආරක්ෂක ඇමැති කිව්වාම මෙයාලට ම්‍රත්‍රා බර හැදෙන්න ඇති. මේ රටේ නීතිය, හරියට නීතිය විදියට ක්‍රියාත්මක වෙයි. ඒතකොට.

අපි තමුන්න්සේලාට නිදහස, අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය දුන්නා. උතුරේ ජනතාවට එදා නිදහසක් තිබුණේ නැහැ. දෙවන පන්තිය විදිහට සැලකුවේ. අද දකුණේ වගේ පෙළපාලි යනවා. සත්‍යග්‍රහ කරනවා. විවේචනය කරනවා. ඒවා දකින‌ කොට අපිට ඇත්තේ ආස්වාදයක්. අපි දුන්න නිදහස නිසා ඔවුන් ඒ ක්‍රියා කරන්නේ. නැගෙනහිරට ඒ නිදහස දුන්නා. පීඩිතයින්ට පීඩනයෙන් මිදෙන්න අත දුන්නා.

අධ්‍යාපන, සෞඛ්‍ය සදහා විශාල ලෙස මුදල් වෙන් කළා. ස්ටෙන්ස් අක්ෂි කාච මිල අඩු කළා. පිළිකා ප්‍රතිකාර සේවාවන් නොමිලේ ජිවිතාන්තය දක්වා දෙන්න වැඩ කටයුතු කළා. අධ්‍යාපන ඇමැති සියලු දරුවන් රක්ෂණය කළා. සමෘද්ධිය දෙගුණ කළා. මහපොළ ශිෂ්‍යත්වය 2500 සිට 5000 කළා. රාජ්‍ය සේවක පඩිය සියයට 107 කින් වැඩි කළා. පාරවල් කිලෝමීටර් දහස් ගණනක් හැදුවා. සියලු අංශ සංවර්ධනය කළා.

කොළඹ නගරයේ අහස උසට නැගෙන ගොඩනැගිලි 64 ක් ඉදිවෙනවා. ගිය ආණ්ඩුවෙන් 16 යි. මේ ශ්‍රැංග්‍රීලා හෝටලය තියෙන තැන හමුදා මූලස්ථානය තිබුණේ. චින සමාගමට දුන්නා. ලෝකේ පළමු ආණ්ඩුව හමුදා මූලස්ථානයක් පිටරැටියෙකුට විකිණු. එයාලා දේශප්‍රේමීන්ලු. මහින්දයි ගෝඨයි විකිණුවේ. වරාය නගරය කියලා වර්ග කිලෝමීටර් 450 ක් චීනෙට වික්කා අපි ඇවිල්ලා තමයි විකුණුම වෙනස් කරලා බද්දට හරිගැස්සුවේ. අපි වරද්ද ගත්තේ අපි කළ දේ ප්‍රචාරණය නොකළ එකයි. යහපාලනය නිසා. අපි කරපු දේවල් ජනතාව දන්නේ නැහැ. ඒ සදහා වෙන් කළ මුදල් ඔබලාගේ සංවර්ධන කටයුතු සදහා වැය කළා. පත්තරවල ලියන්නේ නැහැ. ආණ්ඩුවේ වැරැද්දක් තමයි ලියන්නේ. අවුරුදු 04 කට අපි කරපු වැඩ කිසිම ආණ්ඩුවක් කරලා නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements