Featured News

Video Gossip

Advertisement

මෙරට අධිවේගී මාර්ග පද්ධතියට තවත් කිලෝ මීටර් 112.6ක් මේ අවුරැද්දේ නොවැම්බර් මාසයේ සිට අලුතින් ඒකතුවීමට නියමිතව තිබේ. දැනට මාතර ගොඩගමින් අවසන්ව ඇති දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා තවත් කිලෝ මීටර් 96ක් ඒක්වන අතර දැනට කඩවතින් අවසන් වී ඇති කොළඹ පිටත වටරවුම් මාර්ගය කෙරවලපිටිය දක්වා තවත් කිලෝ මීටර් 9.6ක් ඒක්වීමට නියමිතව තිබේ.
ඒ් අනුව කොට්ටාව සිට මාතර දක්වා දැනට පවතින කිලෝ මීටර් 126.1ක් වූ දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා ලුතින් ඒක් වූ කිලෝ මීටර් 96ත් සමග ඒම මාර්ගය කිලෝ මීටර් 221.1 දක්වා දික්වේ. ගොඩගමින් පසුව හම්බන්තොට දක්වා අපරුක්ක, බෙලිඅත්ත, කහගල්ල, අඟුණුකොළපැළැස්ස, වැටිය, සූරියවැව සහ අන්දරවැව වශයෙන් අන්තර් හුවමාරැ මධ්‍යස්තාන 7ක් ඉදිව තිබේ. ඒමෙන්ම දැනට පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයට වඩා 20%ක පළලකින් යුක්තව මෙම මාර්ගය ඉදිරිකර ඇති බව පැවසේ. මෙම මාර්ගය භාවිතා කිරීමෙන් පැය 2 1/2කට අඩු කාලයකින් කොට්ටාව සිට මත්තල දක්වා කිලෝමීටර් 222ක කොටස ගමන් කළ හැක.

කොට්ටාව සිට කඩවත දක්වා දැනට ඉදිව ඇති කිලෝමීටර් 18.9ක වන කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයට කෙරවලපිටිය දක්වා කොටස කිලෝමීටර 9.6ක දිගකින් යුක්ත වන අතර, එහි කිලෝමීටර් 6.3ක ප්‍රමණයක් උස් කුළුණු මත ඉදිකර තිබේ.

මීට අමතරව කඩවත් සිට මහනුවර දක්වා ඉදිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ අධියර 4න් 2ක් මේ වන විට ආරම්භ වී ඇති අතර ඒම අධියරනයන් 2020 දී අවසන් වීමට නියමිතව තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements