Featured News

Video Gossip

Advertisement

පොහොට්ටු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගැන කිසිම සදහනක් කරන්නේ නැති බවත් ප්‍රතිපත්තියක් නොමැති අය කොහොමද ප්‍රතිපත්ති ප්‍රකාශයක් රටට ඉදිරිපත් කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් දක්වා සිටියේ ගෙයින් "ගෙට - හදවතින් හදවතට" මට්ටක්කුලිය, අලුත් මාවත මැතිවරණ ප්‍රචාරක වැඩසටහනට සහභාගි වෙමින්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

ඒ වගේම පසුගිය සමයේ ඔවුන් සිදුකල ක්‍රියාවන් ගැන මාධ්‍යයෙන් කරුණු විමසද්දි, ගෝඨාභය මහත්තයා කියනවා අපි පරණ දේවල් අමතක කරලා ඉදිරි ගමනක් යමු කියලා. අතීතය අමතක කරලා කොහොමද අනාගතයක් ගැන හිතන්නේ. මුල අමතක කෙනෙක් කොහොමද රටට යහපත් අනාගතයක් නිර්මාණය කරන්නේ. මේ කතා වලින්ම පැහැදිලි වෙනවා ඔවුන් ආරම්භ කරලා තිබෙන්නේ ඉදිරියක් නොමැති ගමනක් කියලා.

අපි කාගෙත් වැරදි ඇති. ප්‍රශ්න ඇති. නමුත් අපි ජනතාවට කියනවා, වළදාලා තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් ස්ථාපිත කරලා රැකගත්තා වගේ, සිදුවූ වැරදි අඩුපාඩු නැවතත් නොවෙන්නට වගබලාගෙන, ඉදිරියේදිත් ජනතාවට බියක් සැකක් නොමැතිව සමගියෙන් සාමයෙන් ජීවත්විමේ හැකියාවක් ඇති කරනවා කියලා

උතුරු කොළඹ ආසනය විවිධ ජාතීන් රාශියක් බොහෝම සමගියෙන් එකට ජීවත් වෙන ආසනයක්. විවිධ ජාතීන් අතර ඇතිවි තිබෙන සාමය, සහජීවනය අද අපිට මේ ප්‍රදේශයෙන්ම පැහැදිලිව පෙනෙනවා. අන්තවාදය වපුරන කිහිප දෙනෙක් මේ තත්ත්වය විකෘති කරනවා. අන්න ඒ නිසා තමයි අද අපි ගෙයින් ගෙට ගිහින් මේ සමගිය සනාථ කරන්නේ.

ඇල්පිටිය ඡන්දයෙන්ම පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යනවා කියලා කියන කටකතා අසත්‍ය බව. ඔවුන් එහෙම යන්න ඕනනම් මේ වෙද්දි යනවා. නමුත් මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඡන්දය ලබාදෙන්නේ හංසයාට කියලා මට විශ්වාසයි. අපට අන්තවාදය වපුරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි රටේ කොතන ගියත් කියන්නේ එකම කතාවයි. ඒ තුළින් තමයි අපි සමගිතාවය තහවුරු කරන්නේ. මෙන්න මේක තමයි අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වලට බලන් ඉන්න බැරිම දේ.

ඇල්පිටිය ඡන්දය කියන්නේ ඉතාමත් සුළු ඡන්ද ප්‍රමාණයක් තිබෙන එකක්. ජනාධිපතිවරණය සමග කොහොමද ඒක සංසන්දනය කරන්නේ. දියේ ගහගෙන යන කෙනෙක් පිදුරු ගහක හරි එල්ලෙනවා වගේ, මොකක්ද මේ ඇල්පිටිය ඡන්දයක් අල්ලගෙන කියවන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මාසේ 21 දා වනවිට ප්‍රකාශයට පත් කරනවා. අපි මහන්සියෙන්, කැපවිමෙන් වැඩකරලා නොවැම්බර් 16 දා අනිවාර්යයෙන්ම විශිෂ්ඨ විජයග්‍රහණයක් ලබාගන්නවා" යැයි ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements