Featured News

Video Gossip

Advertisement

ජනාධිපති අපේක්ෂක එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ සහය ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට වන බව ප්‍රකාශ කරමින් නැගෙනහිර පළාත තුල

මේවනවිට පත්‍රිකාවක් බෙදා හැර තිබේ. දෙමල භාෂාවෙන් පළකර ඇති එම පෝස්ටරයේ අන්තර්ගත සිංහල පරිවර්තනය සැකෙවින් මෙසේය.

"ජාති ආගමික බේද නැති ආචාර්ය හිස්බුල්ලා ආණ්ඩුකාරයා කරමු. දක්ෂතාවයත් වැඩපිළිවෙලක් තියෙන ජාති ආගම් බේද නැති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලව ආණ්ඩුකාරයා කර සාමකාමී සමබර නැගෙනහිරක් ගොඩ නගමු.

මුස්ලිම් ඡන්ද දායකයන් ඔ‍ටුවා ලකුණටත් දෙමළ ඡන්දදායකයා පොහො‍ටුව ලකුණටත් ඡන්දය දෙමු.සැබෑ නායකයා ගොටාබය රාජපක්ෂ මැතිදුන් සහ නැගෙනහිර නායකයා හිස්බුල්ලා මැතිදුන් එකතුවී අලුත් නැගෙනහිරක් හෙට උදාකරයි.''

- මුස්ලිම් දෙමළ පෙරමුණ"


'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ආශිවාදය යටතේ ස්වාධින අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින හිස්බුල්ලා ගේ සහය ජනාධිපති අපේක්ෂක ගොටාබයට වන බව ප්‍රකාශ කරමින් නැගෙනහිර පලාත තුල හිස්බුලා විසින් පත්‍රිකාවක් බෙදා හැරීම තුලින් ගොටාබය සහ හිස්බුල්ල අතර ඇති සහයොගිතා 'ගිවිසුම' මනාව පැහැදිලිවන බව Lanka Daily වාර්තා කරයි.

මෙය ඔවුන්ගේ සටකපට දේශපාලන බාවිතාවක් වුවත් මෙය නිත්‍යානු කූල නොවන බවත් මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති තුල එක අපෙක්ෂකයකුට තවත් අපෙක්ෂකයකුට ඡන්ද පාවිච්චි කරන ලෙස දැන්වීම තහනම් කටයුත්තක් වුවද එය මෙලෙස සිදුවෙමින් තිබෙන බවත් Lanka Daily වැඩිදුරටත් පවසයි.

නාමල්ගේ ට්විටර් පණිවිඩය!

කෙසේවුවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ වෙනත් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු සමග දේශපාලන ගිවිසුමකට එළඹ නොමැති බවයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.

මැතිවරණ නීති උල්ලංඝණය කෙරෙන එවැනි ගිවිසුමකට පැමිණීමට කිසිදු අවශ්‍යතාවයක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම ට්විටර් සටහන පළකර ඇත.

එස්.බී. රහස් හෙළිකරයි : 

පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී එස් බී දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ලබාගන්නා ඡන්ද ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට හිමිවන බවයි.

''හිස්බුල්ලා ගත්ත ඡන්ද මේ ඔක්කොම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා. හිස්බුල්ලා වෙනම අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා. මම හිස්බුල්ලා එක්ක කතා කළා. මම දකින්නේ හිස්බුල්ලා මහා මුදල් මංකොල්ලයක්, අපරාධයක් කරපු කෙනෙක් නෙවෙයි, රිෂාඩ් බදුර්දීන් වගේ. එයා පිටරටින් සල්ලි ටිකක් අරගෙන හොඳ විශ්වවිද්‍යාලයක් හැදුවා.'' යයි එස් බී එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

විමල්ට මල පනී : එස්.බී. ගේ කට බැඳ තබනු !

එස්.බී. දිසානායකගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මන්ත්‍රීවරයා පැවසුයේ, ''එස්.බී. මාධ්‍ය හමුවකදී කටවහගෙන ඉන්න තරමට තමයි අපේ මැතිවරණයට එතුමා කරන ලොකුම උදව්ව'' කියාය.

වීඩියෝ


නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තීන්දු කර ඇත්තේ, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ බලවත් ඉල්ලීම මත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින්  වාර්තාවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements