Featured News

Video Gossip

Advertisement

රැස දිනපතා පුවත්පතහි රැපියල් ලක්ෂ 70 ක පමණ පාඩුව හේතුවෙන් මේ වන විට ලේක්හවුස් ආයතනය දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබේ.

ආයතනයේ සියලු සුබ සාධන කටයුතු සියයට 75% පමණ කපා දමා තිබේ. ආයතනයේ ප්වාහන අංයේ යොදවා ඇති පුද්ගලික වාහන සඳහා මාසික කුලී මුදල් ගෙවීම් කරන ලද චෙක්පත් අගරු වී තිබේ.
මුද්‍රණය අංශයේ සේවකයන් වෙත ලබා දෙන සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ සබන් ලබා දීමට හේ මුදල් යෙදවිය නොහැකි මට්ටමේ මුදල් අර්බුදයක් ඇතිව තිබේ.

සේවකයන් වෙත ලබාදෙන ලද ආපදා ණය ලබා දීම සෑම මසකම 20 දා පමණක් සිදු කීරීමට තීන්දු කර තිබේ. සේවකයන් විශ්‍රාම ගිය පසු ක්ෂණිකව ගෙවනු ලබන ග්රැටිවිටි සදහා චෙක් ලබා දීම විශ්‍රාම දින සිට මාසයත් මාස තුනත් දක්වා කල්තබා තිබේ.

ගිය වසරේ ලේක්හවුස් සමස්ථ අලාභය රැපියල් මිලියන 150 ක්( රැපියල් ලක්ෂ 1500/= වු අතර රැස දිනපතා පුවත්පතේ අලාභය රැපියල් මිලියන 77 ක් (රැපියල් ලක්ෂ 770 ක් වීය.)

රැස පුවත්පත මෙතරම් අලාභ ලැබුවද පවත්වාගෙන යාමට හේතු වුයේ සභාපති ක්‍රිෂාන්ත කුරේගේ අතිශය සමීප මිතුරකු වු අභාවප්‍රාප්ත රැස ආරම්භක කර්තෘ චාමර ලක්ෂාන් මහතාගේ මව විසින් අවසන් කටයුතු අවස්ථාවේ කරන ලද ඉල්ලීමක් ඉටු කීරීමක් වශයෙනි.

අභාවප්‍රාප්ත කර්තෘ චාමර මහතාගේ මවගේ ඉල්ලීමක් ඉටු කීරීම නිසා ලේක්හවුස් ආයතනය මූල්‍ය වශයෙන් හතර ගාතෙන් වැටී තිබේ.

ලේක්හවුස් ආයතනය පසුගිය 2019 ජුනි මස සේවක වැටුප් ගෙවුයේ ඩී.එෆ්.සී.සී බැංකුවෙන් ලබා ගත් ණය මුදලකිනි. 2019 ජුලි මස සේවක වැටුප් ගෙවුයේ කොමර්ෂල් බැංකුවේ ණය මුදලක් ලබා ගැනීමෙනි. මේ වන විට ලේක්හවුස් ආයතනයේ සතු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ජංගම ගිණුම් දෙකම සම්පූර්ණයෙන්ම අගය බින්දුව බවට පත්ව තිබේ.

ලේක්හවුස් වෘත්තීය සමිති පෙන්වා දෙන පරිදි එවන් පසුබිමකදී ජනමාධ්‍ය රාජ්‍ය ඇමති රැවන් විජයවර්ධන රැස දිනපතා පුවත්පත වසා දමන ලෙස නියෝග කීරීම ලේක්හවුස් ප්ධාන වෘත්තීය සමිති සිය සහාය දක්වා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements