Featured News

Video Gossip

Advertisement

2019/10/29 අඟහරුවාදා දින මුදල් නොගෙවා ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සිව් වර්ණ අත් පත්‍රිකා 50,000 ක් මුදුණය කර ලේක්හවුස් ආයතනයෙන් පිට කර ඇතැයි ජාතික මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත රාත්‍රී 10.00 පමණ කොටුව පොලීසිය විසින් ලේක්හවුස් ආයතනයේ මුදුණ අංශය පරීක්ෂා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත අඟහරුවාදා සවස 7.30 ට පමණ සහකාර මැතිවරණ කොමසාරිස්- කොළඹ සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දෑනුම්වත් කර තිබිණි. එමේන්ම ලේක්හවුස් සේවකයන් කීප දෙනෙක්ද මැතිවරණ කොමිසමට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ රාත්‍රී 7.30 ට පමණය.
එහෙත් ලේක්හවුස් ආයතනය පරීක්ෂා කිරීමට පොලීසිය පැමිණියේ රාත්‍රී 9.30 ට අත් පත්‍රිකා 50,000 පටවා ගත් WP ,KC 3853 කියා වර්ගයේ ජීප් රථය ලේක්හවුස් ප්‍රවාහන අංශයේ ආරක්ෂක අංශ ගේට්ටුවෙන් පිටවු පසුවය.

මේ සම්බන්ධයෙන් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ලේක්හවුස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -මුද්‍රණ කමල් මහතාගෙන් විමසු පසු තහවුරු කර තිබුණේ ඉහල උපදෙස් මත මෙම අත් පත්‍රිකා තොගය, මුදල් පසුව ගෙවීමේ පදනම මත මුද්‍රණය කළ බවය. මේ සම්බන්ධයෙන් ඇයතනයේ මුද්‍රණය අංශයේ අංක 1400 යටතේ සටහන් තබා තිබේ.

ජනාධිපති මැතිවරණ නීතිය අනුව මුදල් නොගෙවා මෙලෙස පත්‍රිකා මුද්‍රණය රාජ්‍ය ආයතන අවභාවිතාව යන ගණයට වැටේ. පසුව මුදල් ගෙවීම් පදනම මත හෝ මෙලෙස පත්‍රිකා මුද්‍රණය රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමක් බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්කාශකයකෝ පැවසීය.

මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට සහ මැතිවරණ කොමිසමට දැනුම්වත් කළ මොහොතේ පොලීසිය පැමිණියානම් පත්‍රිකා අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබු බව ලේක්හවුස් සේවකයන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පැවසුහ. එලෙස දැනුම්වත් කර පැය දෙකකට පසු පොලීසිය පැමිණීම සැකයට හේතු වන බවද ලේක්හවුස් සේවකයෝ කීහ.

මේ පත්‍රිකා තොගයේ තවත් 100,000 ක් මුද්‍රණය කිරීමට නියමිත බවද ලේක්හවුස් සේවකයෝ පවසති.

ලේක්හවුස් ආයතනය 2018 වසරේ ලක්ෂ 1500 අලාභයක් ලැබු අතර එවැනි පසුබිමකදී ජනාධිපති අපේක්ෂකයන්ට මුදල් නොගෙවා පෝස්ටර් සහ අත් පත්‍රිකා මුද්‍රණය කර දීම ආයතනය තව තවත් අගාධයකට ඇද දැමීමක් බව ලේක්හවුස් සේවකයෝ පවසති

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements