Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ගේ ඉල්ලීම පරිදි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ කාරියවසම් විසින් පසුගියදා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරමින් ලිපියක් යොමු කරනු ලැබුවා. එම ලිපිය තමන්ට ලැබුණු බව පසුගියදා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ද මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැමැත්ත පළකර ඇති අතර ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර මෙම හමුව සිදුවීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements