Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන Mega Minds වෘත්තීයවේදී හමුව අද(09) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

තමන් ජනාධිපතිවරයා බවට පත්වූ වහාම කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගනිමින් සකස් කල කළමනාකරණ පද්දතියක් හරහා රටේ දෛනික ප්‍රශ්ණ කඩිනමින් විසදීම සදහා ක්‍රියාකරන බව ඔහු එහිදී වෘත්තීයවේදීන් හමුවේ ප්‍රකාශ කලා.

එහිදී ඔහු විසින් එම ක්‍රියාදාමය ප්‍රායෝගිකව පෙන්වීමද විශේෂ සිදුවීමක් විය.

මේ පිළිබද වැඩිදුර අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“ඉහළ අධ්‍යාපනයක් තිබෙන උගත් මානව සම්පත් අප උපරිම ප්‍රයෝජනයකට යොදාගෙන තිබෙනවද කියන කාරණය අපි සිතිය යුතුයි.හෘද සාක්ෂියට අනුව බැලුවහොත් අපි ඒ් කාර්යය කරන්න පොහොසත්ව තිබෙනවා.එක තැන් පල්වන ස්වභාවය තිබෙන ආර්ථිකය වෙනුවට ,වෘත්තිය නිපුනත්වයක් තිබෙන දක්ෂයින්ගේ සහභාගිත්වයෙන් මෘතෘ භුමියේ සංවර්ධනයට යොමුවිය හැකි බව අපි විශ්වාස කරනවා.ඒ් සදහා රටක් ලෙස අප සංකල්ප දෙකක් කේන්ද්‍රගත කරනවා.තිරසර සංවර්ධනය සහිත ආර්ථිකයක් සදහා දියුණු වැඩ පිළිවලක් මහපොළොවේ ක්‍රියාත්මක කිරීමට අන් කවරදාකටත් වඩා උගත් බුද්ධිමත් වෘත්තිය වේදින්ගේ ගේ සහය රාජ්‍යය පාලනයට යොදාගන්න අපේක්ෂා කරනවා.

අනෙක් කාරණය නවොත්පාදන ආර්ථිකයක් උදෙසා කළ යුතු ආයෝජනය ,යටිතල පහසුකම් වලට ඉතිහාසයේ අන් කවර දාකටත් වඩා වැඩි මුදල් ආයෝජනය කරන්න අප බලාපොරොත්තු වෙනවා. නව තාක්ෂනය කේන්ද්‍රගත ආර්ථික රටාවක් නිර්මාණය කරමින්,විද්‍යාව ගණිතය ආදී විෂය ක්ෂත්‍රයන්ගේ නිපුනතාවයන් තිබෙන ගුරුවරුන් පුහුණුකර අධ්‍යාපනය නවීකරණ ව්‍යාපෘති හරහා වැඩි දියුණු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. 

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, ප්‍රධාන රාජ්‍යය බැංකු පද්දතිය,සුරා බදු දෙපාර්ත මේන්තුව,දුම්රිය දෙපාර්තමේන්තුව,වරයා වැනි ආර්ථික කේන්ද්‍රයන් කළමණාකරණය කිරිම සදහා දේශපාලන පත්වීම් වෙනුවට වෘත්තිය හැකියාව නිපුනතා දක්ෂතා තිබෙන එම ක්ෂත්‍රයන් සදහා විශේෂඥයින් සම්බන්ධ කරගනිමින් ,ආයතනවල සාර්ථක කළමණාකරණයට විවෘතවම කැපවෙනවා.යල් පැනගිය ක්‍රමවේදයන් ඇති යුගයට නැවතීමේ ලකුණ තබා, තාක්ෂණය උපරිම ලෙස භාවිතා කර නවීන තාක්ෂණය උපයෝගිකරගෙන ප්‍රතිඵත්ති සම්පාදනය කිරීමට අප කටයුතු කරනවා. ඒ් වෙනුවෙන් ක්‍රමවේදයන් නිර්මාණය කිරිම හා ඒ් සංකල්පයන් මහපොළොවේ ක්‍රියාත්මක කිරිමට යොමුවෙනවා.මධ්‍යයම අධික්ෂණයක් හරහා අපි රාජ්‍යය පාලනයට නව අර්ථියක් ඒකතු කරන්න කටයුතු කරනවා.

සත්‍යය තොරතුරු පදනම් කරගනිමින්,වඩා කාර්යක්ෂම වැඩපිළියලක් නව ක්‍රමවේදයක් artificial intelligence management ක්‍රමවේදය තුළින් අපි මෙය සිදුකරනවා. ඊ තාක්ෂණය ඔස්සේ අලුත් රාජ්‍යය පාලනයකට ත්,නව දර්ශනයක් නව වැඩපිළිවලක් ඔස්සේ පරිවර්තනාත්මක වැඩපිළිවලක් ක්‍රියාත්කම කරනවා..”

මෙම අවස්ථාව සදහා අමාත්‍ය පාඨලී චම්පික රණවක, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න ඇතුළු වෘත්තීයවේදීන් රැසක් සහභාගී විය.



gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook