Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපති වු පසු එම රජයේ අගමැතිවරයා වන්නේද තමන් බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (30) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍යහමුවකදි අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහාය.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළට ද අගමැතිවරයා ලෙස තමන් නායකත්වය දෙන බවයි.

2015 පැවති මහ මැතිවරණයේ ප්‍රතිපලවලට අනුව බහුතර ජනවරමින් අගමැති ධුරයට පත් වුයේ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහයි.

ලබන නොවැම්බර් මස 16 දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිපල අනුව කවරකු ජනග්‍රහණය කලද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර මන්ත්‍රී සහයක් නොමැතිව ලබන වසරේ (2020) මාර්තුවලට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිට බලයක් නොමැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements