Advertisement

දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ රැස්වීමකින් මෙතෙක් තීරණයක් ගනු නොලැබුවත් ජනාධිපතිවරණයේදී පක්ෂයේ සහාය ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ. සරවනබවන් මහතා පෙරේදා (05දා) යාපනයේදී මාධ්‍යවේදීන්ට පැවැසීය. 

සරවනබවන් මන්ත්‍රිවරයා කියා සිටින්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයන් හමුවීමත් ඔවුන් උතුරු නැඟෙනහිර අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරනු ලබන විසඳුම් කෙරෙහි අවධානය යොමු කිරීමත් යන සියලුම කරුණු දෙමළ ජාතික සන්ධානය අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වන බවයි. 

වර්තමානයේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් දෙස බලන විට සජිත් ප්‍රේමදාස මහතාට වඩා දෙමළ ජාතික සන්ධානයට සහාය දිය හැකි වෙනත් අපේක්ෂකයකු නොමැති නිසා අනිවාර්යයෙන්ම තම පක්ෂයට සහාය දිය යුතු වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව සරවනබවන් මන්ත්‍රිවරයා මෙහිදී පැවැසීය. 

ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට වඩා උතුරු නැඟෙනහිර ජනතාවගේ ඡන්දය වැදගත් වන අතර ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කළ යුත්තේ ජනතාවට කරුණු අවබෝධ කොට දීමෙන් පසුව බව පවසන සරවනබවන් මන්ත්‍රිවරයා එසේ කිරීමේදී ජනතාවට හඳුන්වා දීමට සිදුවන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවද කියා සිටියේය. 

මේ සියලුම අපේක්ෂකයන් සිංහල බෞද්ධ ස්වරූපයෙන් කටයුතු කරන අය වුවත් අපේක්ෂකයා ඉදිරිපත් වන පක්ෂයේ පොදු ප්‍රතිපත්තිය දෙස බලන විට දෙමළ ජාතික සන්ධානයට සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂය මුල් වී සිටින අපේක්ෂකයා තෝරා ගැනීමට නිසා එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට සිදුවන බවද පැවැසීය. 

යුද්ධයට සම්බන්ධ හා යුද අපරාධවලට සම්බන්ධ පිරිසකට සහාය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් කැමැති නැති බව කී සරවනබවන් මන්ත්‍රිවරයා, උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවද ඒ මතයේම සිටින නිසා මේ සියලුම සාකච්ඡා හා තීන්දු 

තීරණවලදී අවසානයේදී සජිත් ප්‍රේමදාස මහතා තෝරා ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවන බවද සඳහන් කළේය.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ මඩුකන්ද - දීපාල් බණ්ඩාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements