Featured News

Video Gossip

Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළද කිසිදු රැස්වීමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

මෙවර මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙන බවත්, මේ නිසා පක්ෂ සභාපති තනතුරේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා පත්කර තිබෙන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පළාත් පාලන ආයතන මට්ටමින් රැස්වීම් තුන්සිය හතළිස් එකක් හා කොට්ඨාස මට්ටමින් රැස්වීම් එකසිය පනහක් ඇතුළුව ප්‍රධාන රැස්වීම් ගණනාවක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවත්, මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම්වලටද සහභාගි වන බවත් ඔහු පවසා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට සියලුම ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් පොදු තීරණයකට එළඹ තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements