Featured News

Video Gossip

Advertisement

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ අතර ඊයේ රාති‍්‍රයේ පැවති සාකච්ඡාවේදි අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා. 

මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්‍ෂගේ නිවසේ පැවති මෙම සාකච්ඡාවට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි මහලේකම්, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහභාගි වුණා. 

රාතී‍්‍ර 7 ට ආරම්භ වූ එම සාකච්ඡාව පැය දෙකක කාලයක් පැවති බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත සදහන් කළේ. අවබෝධතා ගිවිසුමේ ඇතුළත් කරුණු සදහා දෙපාර්ශවයම මෙහිදී එකඟතාව පළ කළද ලකුණ සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ඡාවෙදීද එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ඔහු සදහන් කළා. 

ඒ පිළිබද තවදුරටත් සාකච්ඡා කළයුතු බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මෙම සාකච්ඡාවට එක්වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට දැනුම් දුන්නේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් පක්‍ෂ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය ලබාදෙනවාද? නැද්ද? යන්න මෙහිදී එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කිරීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements