Featured News

Video Gossip

Advertisement

තමා පිහිටුවන රජයේ පවුල්වාදයට ඉඩ නොමැති බවත් රටට අහිතකර කිසිම ගිවිසුමකට අත්සන් නොකරන බවත් එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ අද (03) පැවති විශේෂ මහා සම්මේලනය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"අපේ රජය තුළ කිසිඳු පවුල්වාදයකට ඉඩ නෑ. රටක් සංවර්ධනය කිරීමට පවුල්වාදය අනවශ්‍යයි. අවිධිමත් පෙරපාසල් අධ්‍යාපනය නිදහස් නිවහල් අධ්‍යාපනයක් බවට පත්කරනවා.

රණවිරුවන්ට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව උදාකර දෙනවා. තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇතිකරනවා. මට සත පහක ධනයක් නෑ. මට සම්පත් නෑ. මට තිබෙන එකම සම්පත පොදුජන සම්පතයි.

අසාර්ථක රාජ්‍ය ව්‍යවසායන් නව හවුල්කාරිත්වයන් යටතේ දියුණු කරනවා. ධනාත්මක හැම ගිවිසුමක්ම ක්‍රියාත්මක කරනවා. රටට අහිතකර කිසිම ගිවිසුමකට අත්සන් කරන්නේ නෑ. දිවි ඇති තෙක් ජනතාව වෙනුවෙන් කටයුුතු කරනවා. රට පාලනය කරන්නේ දස රාජ ධර්මයන්ට අනුවයි."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements