Advertisement

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් මස 11 වන සිකුරාදා පැවැත්වීමට නියමිත අතර එහිදී සියයට 65කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් පොහොට්ටුවට ජයගැනීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂගේ ජයග්‍රහණය අවධානම් සහිත විය හැකි බව 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රබලයින්ගේ මතය වී ඇත.

මුළුමනින්ම සිංහල ජන පදනමක් සහිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය රාජපක්ෂවරුන්ට වාසි සහගත ප්‍රදේශයක් ලෙස සැලකේ.

ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂට දෙමළ හා මුස්ලිම්වරුන්ගේ සහයෝගය අවම මට්ටමක පවතින බැවින් ඔහුගේ ජයග්‍රහණයට සිංහල ඡන්දදායකයින් ගෙන් සියයට 65කට වැඩි ප්‍රතිශතයකගේ සහය අනිවාර්යෙන්ම අවශ්‍ය බවට පොහොට්ටු පක්ෂයේ සමීක්ෂණ විශේෂඥයින් ගණන් බලා ඇත.

ඒ අනුව ජනාධිපතිවරණය ආසන්නයට ම පැමිණ ඇති මේ මොහොතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය 'ලිට්මස්' පරීක්ෂාවක් ලෙස සලකා, ඔක්තෝම්බර් 11 දාසියයට 65කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් පොහොට්ටුව ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සිය කාඩර්වරුන්ට නියෝගකර තිබිණ.


'සුළු ඡන්ද නැතත් ගෝඨාට දිනන්න පුළුවන්' -නලින් සිල්වා 

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ දේශපාලන උපදේශකයකු වන 'ජාතික චින්තන' සංවිධානයේ ප්‍රධානි මහාචාර්ය නලින් ද සිල්වා පසුගියදා සිය 'කාලය' FB පිටුවේසිදුකර තිබු විග්‍රහයක දී පෙන්වාදී තිබුණේ, ලංකාවේ ජනගහනයෙන් (2012 සංගණනයට අනූව) 74.9% සිංහල (බෞද්ධ හා සිංහල කතෝලික) ජනතාව වන නිසා, එකී සිංහල ඡන්ද වලින් 65% ලබා ගැනීමෙන් පමණක් ගෝඨාබයට 50% පහසුවෙන්ම අභිබවා යා හැකි බවයි. 

මුස්ලිම් ඡන්ද එකක් හෝ නැතිව වුවද රාජපක්ෂලාට දිනිය හැකි බව ඔහු එහිදී අවධාරණය කර තිබිණ.


ඡන්ද දායකයින් 53,384 ක් :


ඇල්පිටිය ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු අද (08) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන අතර එම ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් තෝරා ගැනීම ඡන්ද මධ්‍යස්ථාන 47 කදී සිදු කෙරේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීමට පැවැත්වෙන මෙම ඡන්දය විමසීමේදී ඡන්ද දායකයින් 53,384 ක් ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලබා ඇත.

ඒ අනුව කොට්ඨාස ක්‍රමය යටතේ සභිකයින් 11 දෙනෙකු සහ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ සභිකයින් 17 දෙනෙකු ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තෝරා පත් කර ගැනෙනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය:

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු මස 30 වන දා මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරි පත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ ලේකම්වරයා ගොනු කළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය පිළිගන්නා ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී තේරිම්භාර නිලධාරියාට නියෝග කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements