Advertisement

තමා ජනාධිපතිවරයා බවට පත් වූ පසු ජනාධිපති මන්දිර තාක්ෂණික විශ්වවිද්‍යාල බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (02දා) පැවසීය.

ජනතා සේවයේ නියැළෙන ජනාධිපතිවරයෙකුට මන්දිර අවශ්‍ය නොවන බවත්, එවැනි ස්ථාන පවත්වාගෙන යෑමෙන් රටේ සංවර්ධනයට යෙදවිය හැකි මහජන මුදල් අපතේ යන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

තමා ජනාධිපතිවරයා වශයෙන් වැටුප්, දීමනා හා නිල නිවාස ලබා නොගන්නා බවත්, ජනාධිපතිවරයාට මාසිකව වෙන්වන වැටුප රටේ දුප්පත්කම තුරන් කිරීමට යොදවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

දැනට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමතිවරයා වශයෙන් කටයුතු කරන තමන් වැටුප්, දීමනා හෝ නිල නිවාස ලබා නොගන්නා බවද හෙතෙම කීය.

රාජ්‍ය දේපළ සුරක්ෂා කරන ස්ථාවරයේ සිට පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර ප්‍රාග්ධන ශක්තිය ඇති ආයතන සමග ඒකාබද්ධව සංවර්ධන කිරීම සඳහා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට කරුණු ඇතුළත් කරන බවද ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements