Advertisement

බලය ලබාගත් විට එය අත් නොහරින ලෙසත් බලය තවත් ශක්තිමත් කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් අගමැතිවරයා මේ බව පැවැසීය. 

" පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට ගියා. අලුත් තරුණ නායකයන් බිහි කළා. ඒක තමයි අපි කරපු ප්‍රධානම කරුණ. අපි 69 බෙදුනා 70 දී පරාජයට පත්වුණා.ආපහු බෙදෙන්න දෙන්නේ නෑ.

මේ ආණ්ඩුව බඩගාලා හරි ජනපතිවරණය වෙනකම් ආවා. සුළුතරයක් ඇති ආණ්ඩුවක් තියාගෙන අපි හැම පන්දුවාරයක්ම හයේ පහරක් ගැහුවා.

මට කොච්චර බැන්නත් කවුරුවත් හිරේ ගියේ නෑ. විකල්පය අංගුලිමාලද? රහත්වෙයිද? සුදු වෑන් දායිද?

මම හැමවෙලාවෙම හිතන්නේ රට ගැනයි පක්ෂය ගැනයි. අපි රට ඉදිරියට ගෙනි යනවා දියුණු රටක් කරනවා. ඉස්සෙල්ලාම ජනපතිවරණය දිනමු. සජිත් ජනපති කරමු. පස්සේ පාර්ලිමේන්තුව දිනමු 125ක් අරගමු. "

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements