Advertisement

නව ප‍්‍රජාතනත්වාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පත්කර තිබෙනවා.

එම පෙරමුණේ පළමු ජනරැළිය කොළඹ ගාලූමුවදොර පිටියේදී හෙට (10) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානි තිස්ස අත්තනායක පැවසුවාග

එහිදී "විශේෂයෙන් මෙම රැළිය දැවැන්ත ලෙස සංවිධානය කරලා තියෙනවා. ලක්ෂ එකහමාරකට වැඩි ජනතාවක් මේකට සහභාගී වෙයි. ඊට අමතරව ආසන මට්ටමින් රැළි 150ක් පැවැත්වෙනවා. අවසානයත් නොවැම්බර් 13 වැනිදා කොළඹින්ම සිදු කිරීමටයි සැළසුම් කරලා තියෙන්නේ. " යනුවෙන් සඳහන් කළා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා. 

එහිදී "එය අපිට ගැටලුවක් නොවෙයි. ඔවුන් එකම පාර්ශ්වයන්. ඒ නිසා එය අලුත් අභියෝගයක් නොවෙයි." යනුවෙන් සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements