අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුව බන්ධනාගාර නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
උසාවි පරිශ්‍රයේදී ඔවුන් දෙදෙනාව මෙලෙස බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ. මේ වන විට ඔවුන් දෙදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවද වාර්තා වුණා.
--------------------------------------------------------------
පූජිත් සහ හේමසිරි වහාම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නැයි නියෝග
(09-10-2019 11:57)
අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද (09) නියෝග කළා.
ඒ අනුව ඇප අවලංගු කිරීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි පොලිසියට නියෝග කර ඇත්තේ.
නීතිපතිවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමේ තින්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

