Featured News

Video Gossip

Advertisement

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන්නේ කුමන පාර්ශ්වයටදැයි තීරණය කිරීම දෙමළ ජාතික සන්ධානය විසින් තවදුරටත් කල්දමනු ලැබ තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් ශිවමෝහන් ප‍්‍රකාශ කළේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වන තුරු සිය පක්ෂයේ ස්ථාවරය ප‍්‍රකාශයට පත් නොකරන බවයි.
ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් මේ දක්වා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් එළිදක්වා ඇත්තේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පමණක් බව ද එහිදී ප‍්‍රකාශ කෙරුණා.

එබැවින් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ අඩංගු කරුණු අධ්‍යයනය කර දෙමළ ජාතික සන්ධානයේ තීරණය ප‍්‍රකාශයට පත්කරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් ශිවමෝහන් පැවසුවේ. 

මේ අතර උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනා 13 සම්බන්ධයෙන් ද සිය පක්ෂය ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements