Featured News

Video Gossip

Advertisement

පුරුෂයන් විසින් පළඳින උපත් පාලන කොපු පිළිබඳව බොහෝ දෙනා දැනුවත් වී සිටියත් කාන්තා උපත් පාලන කොපු පිලිබඳ එතරම් දැනුවත් වීමක් ශ්‍රී ලාංකීය සමාජය තුල දක්නට ලැබෙන්නේ නැහැ. මෙම ලිපියේ අරමුණ කාන්තා උපත් පාලන කොපු පිලිබඳ ඔබව දැනුවත් කිරීමයි.

කාන්තා උපත් පාලන කොපුවක් කියන්නේ?කාන්තා උපත් පාලන කොපුවක් කියන්නේ කාන්තාවක් විසින් ලිංගිකව එක්වීමට ප්‍රථම පළඳින කුඩා පසුම්බියක් හෝ තුනී කොපුවක්. මෙහි දෙකෙළවරේ නම්‍යශීලී මුදු දෙකක් තිබෙනවා. එක් කෙළවරක් වැසී තිබෙන අතර අනෙක් කෙළවර පවතින්නේ විවෘතවයි. වැසී ඇති කෙළවර යෝනි මාර්ගය තුළට හෝ ගුද මාර්ගය තුලට ඇතුල් කරනු ලබනවා. විවෘතව ඇති කෙළවර යෝනි මාර්ගයෙන් පිටත පවතිනවා.
කාන්තා උපත් පාලන කොපුවකින් සිදුවන්නේ?

ලිංගික කාර්යයේදී පිටවන යෝනි ශ්‍රාවයන් සහ ශුක්‍ර තරලයන් ඩිම්බ හා එක් වීමට නොදී එකතු කරගැනීම තමයි කාන්තා උපත් පාලන කොපුවකින් කෙරෙන්නේ. මෙය ගැබ්ගැනීමට පමණක් නෙවෙයි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමට ද එරෙහිව ආරක්ෂාව ලබා දෙනවා.

කාන්තා උපත් පාලන කොපු වර්ග

FC1 හා FC2 ලෙස කාන්තා උපත් පාලන කොපු වර්ග දෙකක් තිබෙනවා.

FC1 – මෙම වර්ගය තනා ඇත්තේ පොලියුරෙතින් (polyurethane) නම් ප්ලාස්ටික් අමු ද්‍රව්‍යයකින්.

FC2 – මේවා හඳුන්වාදුන්නේ FC1 වර්ගයට ආදේශයකයක් වශයෙන් වන අතර නිපදවා තිබෙන්නේ නයිට්‍රයල් (Nytrile) නම් ලේටෙක්ස් (Letex) වර්ගය යොදාගනිමින්.මේ වර්ග දෙකට අමතරව ලොව විවිධ ආයතන වලින් වැඩි දියුණු කරන ලබා කාන්තා උපත් පාලන කොපු වර්ග මේ වන විට වෙළෙඳපොලේ දක්නට ලැබෙනවා.

භාවිතා කරන්නේ කෙසේද?

උපත් පාලන කොපුව ප්‍රවේශමෙන් පැකට්ටුව තුලින් පිටතට ගත යුතුයි.

ඉන් පසුව එහි වැසී ඇති කෙළවර මිරිකා ගෙන පහසු ඉරියව්වකින් හිඳ උපත් පාලන කොපුව යෝනි මාර්ගය තුලට ඇතුල් කළ යුතු වනවා.

උපත් පාලන කොපුව ඇඹරීමට ලක් නොවන අයුරින් මැදගිල්ල භාවිතා කර යෝනි මාර්ගයට ඇතුල් කිරීම කළ හැකියි.

පහත වීඩියෝවෙන් උපත් පාලන කොපුව පළඳින්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේවි.

සැලකිලිමත් විය යුතු කරුණු

සාමාන්‍යයෙන් ලිංගික කාර්යයේදී නියමිත පිහිටුමේ ස්ථාවර ලෙස පැවතීම සඳහා උපත් පාලන කොපුව තුළම ස්නේහක (lubricants) අඩංගු වනවා. නමුත් අවශ්‍යනම් ඒ සඳහා ඔබටද ස්නේහක භාවිතා කළ හැකියි.

කිසි විටෙකත් දෙදෙනාම උපත් පාලන කොපු පැළඳීම නොකළ යුතුයි. නැතිනම් සිදුවන්නේ උපත් පාලන කොපු දෙක එකිනෙක ඇතිල්ලීම නිසා දෙකටම හානි සිදුවීමයි.

ඒ වගේම ශිෂ්ණය උපත් පාලන කොපුවෙන් පිටතට නොයන ලෙසටද වග බලාගත යුතුයි. නිසියාකාරව උපත් පාලන කොපුව පැළඳ ගත්තානම් මේ පිළිබඳව බිය විය යුතු නැහැ.

ලිංගික කාර්යය අතරතුරදී උපත් පාලන කොපුවට හානි සිදුවුවහොත් ඒ වෙනුවට වෙනත් කොපුවක් පැළඳිය යුතුයි.

උපත් පාලන කොපුව ඉවත් කළ යුත්තේ කෙසේද?යෝනි මාර්ගයට පිටතින් ඇති නම්‍යශීලී මුදුව මිරිකා ක්‍රමයෙන් උපත් පාලන කොපුව යෝනි මාර්ගය තුලින් පිටතට ගත හැකියි. ඉන්පසුව එය කඩදාසියක දවටා හෝ උපත් පාලන කොපුව ඇතුලත් කර තිබූ පැකට්ටුවේ බහා ඉවත ලිය හැකියි. කිසි විටෙකත් වැසිකිළි තුලට දමා බැහැර කිරීම නොකළ යුතුයි. එමෙන්ම කාන්තා උපත් පාලන කොපුවක් ද භාවිත කළ යුත්තේ එක් වරක් පමණයි.

ප්‍රතිලාභ

සහකරු උපත් පාලන කොපු පැලඳීමට අකැමති නම් කාන්තාවට මේවා යොදාගත හැකියි.

අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් වැළකීමේ හැකියාවද ලැබෙනවා.

ලේටෙක්ස් වලින් නිපදවා ඇති නිසා ජල ස්නේහක හෝ තෙල් සහිත ස්නේහක (water lubricants and oil lubricants) භාවිතා කළ හැකියි.

විශේෂිත ගබඩා තත්වයන් අවශ්‍ය වන්නේ නැහැ.

කාන්තාවගේ ස්වාභාවික හෝමෝන වලට බලපෑමක් ඇති වන්නේ නැහැ.

පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාවේදී රුපියල් 100 – 200 අතර මුදලකට කාන්තා උපත් පාලන කොපුවක් මිලදී ගත හැකියි.

අවාසි
කලාතුරකින් යෝනි මාර්ගයේ මෙන්ම ශිෂ්ණයේ කැසීමේ තත්වයන් ඇති විය හැකියි.

සෑම වසරකම සැප්තැම්බර් 26 වන දින ලෝක කාන්තා උපත් පාලන කොපු දිනය ලෙස නම් කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements