Advertisement

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (10) සිදු කෙරෙනවා. කොළඹ 07 ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී ගිවිසුමට අත්සන් තැබෙන බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක මාධ්‍ය වෙත කියා සිටියේ.

අද අත්සන් තැබෙන ගිවිසුමට අමතරව ඉදිරි දින කිහිපයේදී දෙපාර්ශ්වය තවත් ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මෙලෙස අදහස් පළ කළා.

"ප්‍රධාන වශයෙන් කරුණු 03ක් සිද්ධ වෙනවා. එකක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවෙන අවබෝධතා ගිවිසුම. 15 වැනිදා ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුම. තුන්වැනි කාරණය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ඇති කරගන්නා නව සන්ධානය. පක්ෂ දෙකේ සියලු දේශපාලන බලවේග එය තුළ සිටිනවා." 

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ගොඩනැගෙන නව සන්ධානයේ සම නායකත්වය දෙපාර්ශ්වයටම හිමිවන බවත්, මහ ලේකම් ධූරය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන බවත්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements