Featured News

Video Gossip

Advertisement

සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් සමග විවාදයකට එන්න කියලා අභියෝගයක් කර ඇති බවත් විවාදයක් තිබෙන්නේ සමානයන් අතර බැවින් මේ දෙන්නා වෙන වෙනම ගෙන අපි සංසන්දනය කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

එහිදි කරුණු දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙවැන්නකි,
“ගෝඨාභය රාජපක්ෂ මහතා මුළු ලෝකයම පරාජය කරන්න බෑ කිව්ව ලොව ප්‍රබලම ත්‍රස්තවාදය ඉතාම සූක්ෂම සැලැස්මකින් පරාජය කරලා ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සම්මානිය ආචාර්ය උපාධියක් දිනා ගත් අයෙක්. ඒ වගේම පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් දිනා ගත් අයෙක්. සිංගප්පූරුවේ සහ චීනයේ විශ්ව විද්‍යාලවල ආරාධනයෙන් නාගරික සංවර්ධනය සහ ආරක්ෂක සැලසුම් පිළිබඳ පර්යේෂකයෙක් ලෙස කටයුතු කළ අයෙක්. ඒ වගේම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥයින් සහ ඉංජිනේරුවන් වැනි විද්වතුන් එක්වි ලංකා ඉතිහාසයේ බිහි වුණු දැවැන්තම විද්වතුන්ගේ සංවිධානය වියත් මගයි. ඒ වියතුන් තමන්ගේ නායකයා ලෙස තෝරා ගත්තේ ගෝඨාභය මහතාවයි. ඒ අනුව ගෝඨාභය මහතා කියන්නේ ලංකාවේ වියතුන් මැද මහ වියතාණන් කෙනෙක්.

සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ කවුද? ජනපතිවරණ ඉතිහාසයේ බිහි වුණු කවටම අපේක්ෂකයා. බොළඳ කතා හිස් වදන් මිස වැදගත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරිමට මෙතෙක් අසමත් වුණු එකම අපේක්ෂකයා. එතුමාට පුළුවන් රෑට රෑට හොරෙන් ගෙදරට එබිලා සතුටින් ද බලන්නම් වැනි හිස් පොරොන්දු දෙන්න විතරයි. 

සජිත් ප්‍රේමදාස මහතා සියලු දෙනා පරදලා දැන් පෙරමුණේ කියලා මෑතක දී ජෝන් අමරතුංග ඇමතිතුමා කිව්වා. මමත් කලබල වෙලා බැලුවා මේ කතාව මොකද්ද කියලා. බැලින්නම් කතාව ඇත්ත. එඩී ජයමාන්න, දොං සිරිසේන, බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු, ප්‍රෙඩී සිල්වා සිට බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ දක්වා ලංකා ඉතිහාසයේ සිටි සියලුම කවටයින් පරදා සජිත් ප්‍රේමදාස මහතා පෙරමුණට ඇවිත් තිබෙන බවයි ජෝන් ඇමතිතුමා කියා ඇත්තේ.

මෙවැනි විහිළුකාරයෙකු සමග විවාදයට ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි සුවිෂේශී බුද්ධිමතෙක් වියතෙක් යැවීමේ හැකියාව තියෙනවද?. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසර හතර පුරාවටම වියත්මග සහ එළිය සංවිධාන හරහා මේ රටේ බුද්ධිමතුන් සමග සංවාදයේ යෙදුණු චරිතයක්. එවැනි කෙනෙක්ව සජිත් ප්‍රේමදාස මහතා වැනි අධ්‍යාපනයක් නැති ප්‍රතිපත්තියක් නැති හිස්වදන් පවසන අයෙක් සමග විවාදයට යවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය විනාශ කරන්න අපි ඉඩ තබන්නේ නෑ. 

මේ පිළිබඳ පංචතන්ත්‍රයේ අපූරු කතාවක් තිබෙනවා. දිනක් අසූචි වලක බැහැපු ඌරෙක් සිංහයාට තමන් සමග සටනට එන මෙන් අභියෝග කළාලු. එක පැත්තකින් ඌරා සමග සිංහයාට මොන සටනක් ද? අනිත් පැත්තෙන් අසූචි වලට බැහැලා අසූචි තවරා ගන්න සිංහයාට උවමනාවකුත් නෑ. ඒ නිසා “ඌරෝ මට සටන් ඕනෑ නෑ. උඹම දිනුම තියාගනින්” කියලා සිංහයා යන්න ගියාලු. අපට සජිත් මහතාට කියන්න තිබෙන්නෙත් ඒ කතාව තමයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements